අප අවට ඇති මණ්දාකිණි තුලත් ගෝලීය තරු පොකුරු


පෘථිවියේ සිට ආ.ව. බිලියන භාගයක් පමණ දුරින් පිහිටා ඇති ESO 306-17 මණ්දාකිණිය විශාල දීප්තිමත් ඉලිප්සාකාර මණ්දාකිණියකි. මෙම ප්‍රදේශයේ ඇති මණ්දාකිණි ෆොසිල් ගෲප් (fossil group) මණ්දාකිණි ලෙස හඳුන්වයි.
මණ්දාකිණි අතර ඇතිවන ආකර්ශණය නිසා විශාල මණ්දාකිණි විසින් කුඩා ඒවා ගිලගනු ලබයි. අප ක්ෂිරපථ මණ්දාකිණියද එලෙස කුඩා මණ්දාකිණි කීපයක්ම ගිලගෙන ඇත. මෙ අතර ESO 306-17 මණ්දාකිණිය සහ අනෙක් ෆොසිල් මණ්දාකිණි එවන් අවස්ථාවන්ට උදාහරණ ලෙස දැක්විය හැකි ය.

පසුගිය ‍2008 නොවැම්බරයේදී හබල් දුරේක්ෂය භාවිතයෙන් ලබාගන්නා ලද ඡායාරූපයකින් පැහැදිලි වන්නේ ESO 306-17 මණ්දාකිණිය  වටා තවත් මණ්දාකිණි පිහිටා ඇති බව ය. නමුත් ඡායාරූපයේ පහළ දර්ශණය වන  මණ්දාකිණි ඇත්තේ මණ්දාකිණියට වඩා අප දෙසට ආසන්නයෙනි. එමෙන්ම ඒවා දීප්තියෙන්ද ඉහල ය. සත්‍ය වශයෙන්ම  ESO 306-17 පිහිටා ඇත්තේ අඳුරු පදාර්ථයෙන් පිරි ප්‍රදේශයක ය. ESO 306-17 වෙත ලංවී බැලු කල දීප්තියෙන් අඩු තරු පොකුරු දැක ගත හැකි ය. මේවා ගෝලීය තරු පොකුරු ලෙස හඳුන්වයි. මේ අනුව පෙනී යන්නේ වෙනත් මණ්දාකිණි තුලද බහුල ලෙස මෙවන් ගෝලීය තරු පොකුරු දැකගත හැකි බව ය.
Written by Anuradha Jayathilaka    
ESA/Hubble Information Centre ඇසුරිණි

No comments

Powered by Blogger.