ලොවම බලන ශීත තරුව


Whole Earth Telescope හෙවත් WET දුරේක්ෂය යනු ඇමරිකාවේ ඩැල්වෙයා විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවනු ලබන ලොව වටා ඇති දුරේක්ෂ එක්කර තනා ඇති දුරේක්ෂ ජාලයකි.
මෙම ජාලය විසින් මේ දිනවල කරනු ලබන්නේ පැය විසිහතර පුරාවට එකම තරුවක් නිරීක්ෂණය කිරීමයි.

මෙම මියයන තරුව නම් ඔෆියුකස් රාශියේ ඇති WDJ1524-0030 ලෙස හදුන්වන සුදු වාමන තරුවයි. මෙම තරුව මියයන අතර තුර එහි ආලෝකය ක්‍රමයෙන් අඩුවේ. 1986දී පිහිටුවනු ලැබූ WET ජාලය මගින් මැයි 15 වන දින සිට ජුනි 11 වන දින දක්වා මෙම තරුව ලොව වටාම ඇති දුරේක්ෂ භාවිත කරමින් නිරීක්ෂණය කෙරෙනු ඇත.

ලොව වටා දුරේක්ෂ මගින් ගනු ලැබූ සියළුම ඡායාරූප ඩෙල්වෙයා හි කියුබා කන්දෙහි පිහිටි ප්‍රධාන මධ්‍යස්ථානය වෙන විද්‍යුත් තැපෑල හරහා යවනු ලැබේ.

සුදු වාමන තරුවක් ප්‍රමාණයෙන් පෘථිවිය පමණ වේ. තරුව තුල සිදුවන කම්පණ තරංග (star quakes) නිසා තරුවේ පිටත කොටස තුල චලනයක් සිදුවේ. මෙම චලනයන් නිරීක්ෂණය කිරීම හරහා වායුගෝලයේ සංයුතිය පිළිබදව අවබෝධයක් ලබාගත හැකිය. ‍මෙම තරුව තුල කම්පණ තරංග වැඩි බව කණ්ඩායම ප්‍රකාශ කරයි.

අප මණ්දාකිණිය තුල සුදුවාමන තරු දහස් ගණනක් ඇතත් කම්පණ තරංග නිරීක්ෂණය සදහා සුදුසු දීප්තියක් පවතින්නේ සියයට 30ක පමණ වේ. WDJ1524-0030 වැනි හීලියම් වලින් සැදුම්ලත් තරු ඇත්තේ විශ්වයේ සියයට 20ක් පමණ ය. ඡායාරූපය - හබල් විසින් ගන්නා ලද මෙම නිහාරිකාව මධ්‍යයේ ඇත්තේ සුදුවාමන තරුවකි.
Written by Anuradha Jayathilaka    
University of Delaware ඇසුරිණි.

No comments

Powered by Blogger.