නැවතුනු සෙෆීඩ් විචල්‍ය තාරකාව




හබල් විසින් M31 මණ්දාකිණියේ සෙෆීඩ් විචල්‍ය තාරකාවක් සොයාගත් පසුව අප නොදැන සිටි දෙයක් පිළිබඳව අප සොයාගත්තෙමු. M33 මණ්දාකිණියේ ඇති V19 තරුවද මෙවන් සෙෆීඩ් විචල්‍ය තාරකාවකි.

එහි ආවර්ත කාලය දින 54.7 , දීප්තතාවය 19.59 ± 0.23 MB සහ විස්තාරය විශාලත්ව 1.1ක් විය. නමුත් මෑතකදී කරන ලද සොයාගැනීමක් අනුව මෙම තරුව තවදුරටත් සෙෆීඩ් විචල්‍ය තාරකාවක් නොවේ.

මේ අනුව වෙනත් සෙෆීඩ් විචල්‍ය තාරකාවන් නිරීක්ෂණයෙන්ද පෙර වාර්තා වී තිබූ දත්ත වලට වඩා වෙනස් විස්තාරයක් දක්වයි. මේ අතර පෝලාරිස් තරුව ද වන අතර පෝලාරිස් තරුව පෙරට වඩා දීප්තවිශාලත්වය එකකින් වැඩිවී ඇත.

මෙම සීඝ්‍ර වෙනසට ‍හේතුව ලෙස විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ තරුවල පරිණාමයයි. සෙෆීඩ් විචල්‍ය තරු වයසට යාමත් සමඟම ඒවා HR සටහනේ එක්තරා සීමාවකින් ඉවත් වේ. නමුත් ඒවා තවමත් විචල්‍ය තරු ලෙස හැඳින් විය හැකි ය.

No comments

Powered by Blogger.