ටයිටන්ගේ වායුගෝලයේ සැකැස්ම පෘථීවියට බොහෝදුරට සමානයි !
සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් අප සෞරග්‍රහමණ්ඩලයේ ඇති චන්ද්‍රයින් අතරින් වඩාත්ම පෘථිවියට සමාන ලෝකය බව පර්යේෂකයින් පිරිසක් පෙන්වා දෙනවා. ඝනකම් නයිට්‍රජන් වායුගෝලයක් සහිත ටයිටන් සතුව නයිට්‍රජන් වලින් සැදුම්ලත් ගංගා, වැසි සහ මුහුදුද පවතී. මීට අමතරව ද්‍රව ජලය සහ ද්‍රව ඇමෝනියා මුහුදු, පිටත පෘෂ්ථයට යටින් ඇති බව ඔවුන් තවදුරටත් පවසනවා.
ටයිටන් සතුව ලේයර ආකාරයට වායුගෝල දෙකක් පවතින අතර මින් පහල ඇති වායුගෝලය පෘථිවි වායුගෝලයට බොහෝ දුරට සමාන ය. එය මීටර 800ක් පමණ ඝනකමකින් යුක්ත අතර ඉහළ වායුගෝලය කි.මී. 2ක් පමණ ඝනකමකින් යුක්ත ය. පහල වායුගෝලය චන්ද්‍රයාගේ දෛනික කාලගුනය සඳහා බලපාන අතර ඉහළ වායුගෝලය සෘතුමය දේශගුණ තත්වයන් සඳහා බලපායි.
මෙම නිරීක්ෂණ ඈත තරු වටා ඇති ග්‍රහලෝකවල දේශගුණ තත්වයන් අවබෝධ කරගැනීමට යොදාගනු ඇත. පර්යේෂණය සඳහා ටයිටන්ගේ වායුගෝලයේ ආකෘතියක් තැනීමට සිදුවූ අතර එහිදී වොයෙජර් 1, කැසිනි සහ හයිජන්ස් යානා වලින් ලබාගත් තොරතුරු උපයෝගී කරගැනුනි.
ඡායාරූපය - විශාල ටයිටන් චන්ද්‍රයා සහ සෙනසුරුගේම තවත් චන්ද්‍රයෙක් වන එන්සෙලඩස් Credit: NASA/JPL
Written by Anuradha Jayathilaka
Leave a Comment