සිකුරු සතුව ඔක්සිජන් වායුගෝලයක් ද ඇත


කලකට පෙර බොහෝ දෙනා සිතා සිටියේ සිකුරු, පෘථිවියේම නිවුන් සහෝදරිය කියා ය. එහෙත් සිකුරු වායුගෝලයේ කරන ලද පර්යේෂණ වලින් පසුව පෘථිවි වායුගෝලයට වඩා සිකුරු වායුගෝලය හාත්පසින්ම වෙනස් බව පැහැදිලි විය. සිකුරු ග්‍රහයා‍ගේ වායුගෝලය විෂ සහිත අම්ල අඩංගු ඉතාමත්ම කැලිඹිලි සහිත සහ උණූස්ම් එකකි.

එහෙත්  යුරෝපය විසින් යවන ලද වීන්ස් එක්ස්ප්‍රස් යානය විසින් සොයාගන්නා ලද්දේ සිකුරු සහ පෘථිවි වායුගෝල අතර එක් සමානකමක් ඇති බවයි. ඒ සිකුරුගේද දක්නට ලැබෙන ඔක්සිජන් වායුගෝලය යි.
වර්ණාවලි නිරීක්ෂණයේදී සිකුරු‍ වායුගෝලයේ කි.මී. 100ක් ඉහලින් ඔක්සිජන් ඇති බව මේ වන විට සොයාගෙන ඇත. එහෙත් මෙය පෘථිවියේ මෙන් 1%කටත් වඩා අඩු ප්‍රමාණයකි.
පරිඝනක ආකෘති මගින් පෙන්වා දෙන්නේ සිකුරුගේ වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ් අණු හිරු එළිය නිසා කැඩී ඔක්සිජන් වෙන් වන බවයි. මෙසේ වෙන වන ඔක්සිජන් සිකුරුගේ ශීත රාත්‍රී ප්‍රදේශයේ එක් රැස් වේ.
මෙහිදී O2 සහ O3 යන දෙවර්ගයම නිෂ්පාදනය වන අතර O3 හෙවත් ඕසෝන් මගින් හිරුගේ පාරජම්බුල කිරණ වලක්වාලයි. බොහෝ විද්‍යාඥයින්‍ පෙන්වා දෙන්නේ කාබන් ඩයොක්සයිඩ්, ඔක්සිජන් සහ ඕසෝන් ඇති ග්‍රහලෝක වල ජීවය පැවතීමට ඉඩ කඩ ඇති බවයි. නමුත් පෘථිවිය හා සංසන්දනය කිරීමෙදී පැහැදිලි වන්නේ ජීවය ඇති වීමට නම් වායුගෝලයෙන් 20%ක් වත් ඕසෝන් පැවතිය යුතු බවය.


No comments

Powered by Blogger.