රියා චන්ද්‍රයා සතුව ඔක්සිජන් වායුගෝලයක්


මීට වසර කීපයකට පෙර සෙනසුරුගේ චන්ද්‍රයෙකු වන රියා වටා වළලු පද්ධතියක් ඇතැයි විද්‍යාඥ‍යෝ සැක කලහ. පසුව එසේ වළලු පද්ධතියක් නැති බව පසුව සොයාගත්තද කුමක් හෝ දෙයක් මෙම චන්ද්‍රයා වටා ඇති බවට ඔවුන් සැක කලෝ ය. රියා යනු සෙනසුරුගේ දෙවනුව විශාලතම චන්ද්‍රයා ය.



රියා අසලින් ගමන් ගත් - මේ වන විට සෙනසුරු වටා කක්ෂගතව සිටින - කැසිනි යානය විසින් රියා සතුව ඔක්සිජන් වායුගෝලයක් ඇති බව සොයාගෙන ඇත. රියා‍ චන්ද්‍රයාගේ හතරෙන් තුනක්ම ද්‍රව ජලය වන අතර ඉතිරිය පාෂාණ ය.
බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් වන යුරෝපා සහ ගැනිමීඩ් චන්ද්‍රයන්ගේද මීට පෙර ඔක්සිජන් සොයාගෙන ඇත. මින් වැදගත්ම කරුණ වන්නේ මෙම චන්ද්‍රයා සතුව ජීවය පැවතීමට බොහෝ ඉඩකඩ පැවතීමයි. රියාගේ මතුපිටට යටින් ද්‍රව ජලය මුහුදක් ලෙස පැවතිය හැකි අතර මේ තුල සංකීර්ණ ජීවීන් ඇති වීමට ඉඩ ඇත.
Written by Anuradha Jayathilaka    
JPL ඇසුරිණි

No comments

Powered by Blogger.