අතටම හසුවුනු, කළු කුහරයේ "ජෙට්"


නාසා ආයතනයේ රොසි (Rossi) එක්ස් කිරණ යානයේ සහ  Very Long Baseline Array රේඩියෝ දුරේක්ෂයේ පිහිටෙන් අප මණ්දාකිණියේ කළු කුහරයකින් ජෙට් නිකුත් කරන අවස්ථාවක් ඡායාරූපගත කිරීමට සමත්ව ඇත.
අලෝකයේ වේගයෙන් හතරෙන් එකක පමණ වේගයෙන් මෙම ජෙට් දහර නිකුත්වූයේ කළු කුහරයේ  event horizon ආසන්නයෙනි. H1743-322 ලෙස හඳුන්වන ද්විත්ව තරු පද්ධතිය ආ.ව. 28,000ක් පමණ දුරින් වෘෂ්චික රාශියෙහි පිහිටා ඇත. මෙය නාසා ආයතනයේම HEAO-1 චන්ද්‍රිකාව මගින් 1977දී සොයාගන්නා ලද්දකි. පද්ධතිය තුල සාමාන්‍ය තාරකාවක් සහ කළු කුහරයක් පවතී. සහයක තරුවේ පදාර්ථ ගිලගන්නා කළු කුහරය විසින් තමා වටා පදාර්ථ තැටික ආකාරයට රැස් කරගනී. accretion disk ලෙස හඳුන්වන මෙය කි.මී. මිලියන ගණනක් එනම් අප සූර්යයා මෙන් කීප වාරයක් විශාල ය. තැටියේ ඇති පදාර්ථ කළු කුහරය වෙත ඇදී යාමේදී පදාර්ථ එකිනෙක තෙරපීම සහ අධික ලෙස රත්වීම නිසා ඉන් එක්ස් කිරණ පිට වේ. මින් ඇතැම් එක්ස් කිරණ යුගල ලෙස පිටවන අතර මේවා පෘථිවියේ සිට එක්ස් කිරණ දුරේක්ෂ මගින් නිරීක්ෂණය කල හැකි ය.

ඡායාරූපය - (ඉහල පෙල) Long Baseline Array රේඩියෝ  දුරේක්ෂය විසින් ලබාගත් ඡායාරූප සහ (දෙවන පෙල) රොසි දුරේක්ෂය (RXTE) විසින් ලබාගත් දත්ත (quasi-periodic oscillations (QPOs))(Credit: NRAO and NASA's Goddard Space Flight Center)


No comments

Powered by Blogger.