ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිනියේ තරු බිහිවන ප්‍රදේශ


ඊසා ආයතනයේ නිරීක්ෂණාගාර දෙකක එකමුතුවෙන් ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණිය පිළිබඳව විශේෂ පර්යේෂණයක් සිදුකරයි. මේ සඳහා යොදාගනු ලබන්නේ හර්ෂල් සහ XMM නිව්‍ටන් යන නිරීක්ෂණාගාර ය.


හර්ෂල් යානය විසින් ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියේ ඡායාරූප පසුගිය දෙසැම්බරයේදී ලබාගන්නා ලද අතර මේවා ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියේ මෙතෙක් ලබාගත් පැහැදිලිම ඡායාරූප වේ. මෙම ඡායාරූප නිරීක්ෂණයේදී පෙනී ගියේ මණ්දාකිණියේ ධූලි මුදුවක් ලෙස පවතින බව ය. මෙය මණ්දාකිණිය මැද සිට ආ.ව 75000ක් පමණ විශ්කම්භයකින් යුක්ත ය.

මෙම ධූලි වලා නිරීක්ෂණයෙන් මණ්දාකිණියක තරු ඇති වන කලාප සහ තරු මිය යන කලාප පිළිබඳව දැනගත හැකි බව පර්යේෂකයින් පවසයි.

හර්ෂල් දුරේක්ෂයට නිරීක්ෂණය කල හැක්කේ වර්ණාවලියේ අධෝරක්ත කිරන ආසන්න කලාපය පමණි. මිය යන තරු පිළිබඳව හැදෑරීමට නම් එක්ස් කිරණ කලාපයෙන් නිරීක්ෂණය කල යුතු ය. මේ සඳහා XMM නිව්ටන් දුරේක්ෂය භාවිත කෙරේ.

ඡායාරූපය - හර්ෂල් සහ XMM නිව්ටන් දුරේක්ෂ විසින් ලබාගන්නා ලද ඡායාරූප.
Written by Anuradha Jayathilaka
ඊසා ඇසුරිණි

No comments

Powered by Blogger.