සෙන්ටෝරස් A මන්දාකිණිය


චිලි හි අ‍ටකාමා පාත්ෆයින්ඩර් පරීක්ෂණය (Atacama Pathfinder Experiment - APEX) මගින් සොයාගෙන ඇති නවතම දත්ත මගින් දෘෂ්‍ය වර්ණාවලිය සහ එක්ස් කිරණ වර්ණාවලිය එකතු කොට මෙම දර්ශණිය ඡායාරූපය නිර්මාණය කොට ඇත. සෙන්ටෝරස් A යනු අපට ආසන්නයෙන්ම ඇති යෝධ මන්දාකිණියයි.
එය ආ.ව. මිලියන 13කි පමණ ඈතින් සෙන්ටෝරස් රාශියේ පිහිටා ඇති අතර එය සහයක සර්පිලාකර මන්දාකිණයක් හා ගැටෙමින් පවතින ඉලිප්සාකාර මන්දාකිණියකි. අධික ලෙස නව තරු බිහිවන මෙම මන්දාකිණියේ මධ්‍යය ඉතාමත්ම දීප්තිමත් වන අතර ඊට හේතුව වන්නේ එහි මධ්‍ය‍යේ ඇති රේඩියෝ තරංග සහ එක්ස් කිරන විහිදුවන අධිස්කන්ධ කලුකුහරයයි.

පින්තූරයේ පෙනෙන්නට ඇත්තේ මන්දාකිණිය වට ඇති ධුලි වලාව සහ මධ්‍යයේ සිට පිටතට විහිදෙන රේඩියෝ ධාරා ය. ගණනය කිරීම් වලට අනුව මෙම ධාරා පිට වන්නේ ආලෝකයේ වේගයෙන් භාගයක් වූ වේගයෙනි.

මෙම ඡායාරූපය උපකරණ තුනකින් ගන්නා ලද දත්ත එක් තැන් කිරීමෙන් සාදා ගන්නා ලද්දකි. චිලි හි අ‍ටකාමා හි, මීටර 12 ක විශ්කම්භය සහිත APEX හි සවිකර ඇති Large APEX Bolometer Camera (LABOCA) උපකරණය මගින් මෙම ඡායාරූප ගනු ලැබිණි. APEX හි LABOCA හි 870-micron submillimetre data උපකරණය මගින් ගන්නා ලද කොටස තැඹිලි පැහැයෙන් දක්නට ඇත. චන්ද්‍රා යානය මගින් ගන්නා ලද එක්ස් කිරණ ඡායාරූප කොටස නිල් පැහැයෙන්ද, චිලිහි ලා සිලා හි මීටර 2.2 MPG/ESO දුරේක්ෂයේ ඇති Wide Field Imager (WFI) මගින් පසුබිමේ ඇති තරු සහ මන්දාකිණයේ ඡායාරූපය ලබාගෙන ඇත.

No comments

Powered by Blogger.