අසාමාන්‍ය ගුරුත්ව කාචයක්
කැලිෆෝනියා සහ ස්විට්සර්ලන්ත තාරකාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ප්‍රථම වරට අසාමාන්‍ය ගුරුත්ව කාචයක් (Gravitaional lense) සොයාගෙන ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්වාසාර මගින් ගුරුත්ව කාච සංසිද්ධියක් ඇති වන බවට සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය වීමයි. මෙම නිරීක්ෂණය සඳහා හවායි හි කෙක් දුරේක්ෂය යොදාගන්නා ලදී.
ක්වාසාර (Quasar) යනු විශ්වයේ ඈතින් ඇති ඉතාමත්ම දීප්තිමත් වස්තු විශේෂයකි. මේවා සඳහා අවශ්‍ය ශක්තිය සැපයෙන්නේ ඒවා මධ්‍යයේ ඇති කළු කුහර මගිනි. එවන් එක් ක්වාසාරයක් තරු බිලියන ගණනක් ඇති මණ්දාකිණියකට වඩා බෝහෝසෙයින් දීප්තිමත් ය. මෙම දීප්තිය අධික බව නිසාම ඒවා නිරීක්ෂණයටද අපහසු ය.
අයින්ස්ටයින්ගේ නියමයන් අනුව ඈතින් ඇති මණ්දාකිණියක් අපට පෙනෙන පථය හරහා අධික ස්කන්ධයක් සහිත වස්තුවක් (මණ්දාකියක් හෝ මණ්දාකිණි පොකුරක්) තැබුවහොත් ඉහත කී අධික ස්කන්ධය සහිත වස්තුව නිසා ඈතින් ඇති වස්තුවේ සිට පැමිණෙන ආලෝක කිරණ නැමීමකට භාජනය වේ. මේ නිසා අපට ඈතින් ඇති වස්තුව වස්තු දෙකක් ලෙස දර්ශනය වේ.
මෙවන් ගුරුත්ව කාච සන්සිද්ධියක් මුල් වරට නිරීක්ෂණය කරන ලද්දේ 1979දී ය. එය ළඟින් ඇති මණ්දාකිණියක් නිසා ඈතින් ඇති ක්වාසරයක කිරණ නැමීමකට භාජනය වීමකි. මේ වන විට මෙවන් අවස්ථා සිය ගණනක් නිරීක්ෂනය කර ඇත. නමුත් මෙවර නිරීක්ෂනය කර ඇති අවස්ථාව වෙනස් ය. මෙවර නිරීක්ෂණය කර ඇත්තේ ඈතින් ඇති මණ්දාකිණියක ආලෝකය, ළඟ ඇති ක්වාසාරයකින් නැමීමකට ලක් වීමකි.
ක්වාසාර නිරීක්ෂනය මණ්දාකිණිවල මූලාරම්භය පිළිබඳව කරුණු අවබෝධ කරගත හැකි වැදගත් සාධකයකි. මෙම පර්යේෂණය සඳහා ස්ලෝන් දත්ත (Sloan Digital Sky Survey - SDSS) යොදාගනු ලැබූ අතර එහිදී තෝරාගත් SDSS J0013+1523 ක්වාසාරය විසින් ආ.ව. බිලියන 7.5ක් ඈතින් ඇත මණ්දාකිණියක් ගුරුත්ව කාචනය වී දර්ශණය වන බව සොයාගන්නා ලදී.
ඡායාරූපය - ප්‍රථම වරට හමුවූ ක්වාසාරයකට මුවා වූ මණ්දාකිණිය. ක්වාසාරය නිල් පැහැයෙන් දැක්වෙන අතර රතු පැහැයෙන් දැක්වෙන්නේ මණ්දාකිණියේ දෙබිඩි ප්‍රතිබිම්බයයි.
California Institute of Technology ඇසුරිණි

Leave a Comment