ක්ෂීරපථයේ උණුසුම් ප්‍රභා මඩලෙන් බැරියෝන ගැන ඉඟියක්



අප මන්දාකිණිය සහ යාබදව ඇති කුඩා හා විශාල මැගලන් වලා යන සියල්ලම සූර්යයාට වඩා සිය ගණනක උෂ්ණත්වයෙන් සහ සූර්යයන් බිලියන 60 ගණනක ස්කන්ධයෙන් යුක්ත දුම වලාවක් තුල පිහිටා ඇති බව සොයගෙන ඇත.මෙය අප මණ්දාකිනියේ සොයාගැනීමට නොහැකි වූ බැරියෝන ගැන ඉඟියක් සපයන අතර අනෙක් මන්දාකිණිද මෙසේ දුම වලා වලින් වට වී ඇතයි සිතීමට ඉඩ ප්‍රස්ථා සලසයි.

මෙම දූම වලාව චන්ද්‍රා අභ්‍යාවකාශ X-කිරණ නිරීක්ෂණාගාරය හා යුරෝපානු අභයවකාශ ඒජන්සියේහි XMM-නිවුටෝනියානු අභ්‍යාවකාශ නිරීක්ෂණාගාරය(XMM-Newton Space Observatory) සහ ජපානයෙහි සුසාකු (Sucaku) චන්ද්‍රිකාව යන සියල්ලෙහිම මිනුම් වලට ග්‍රහණය වී ඇත.
ආලෝක වර්ෂ සිය ගණනක් ඈතින් පිහිටා ඇති X-කිරණ මුදා හරින දීප්තිමත් ප්‍රභව නිරික්ෂනයේදි, සොයාගෙන ඇති ආකාරයට අප මන්දාකිණිය අසලම පිහිටා ඇති ඔක්සිජන් අයන මෙම කිරණ අවශෝෂණය කරන බවයි. මෙමඟින් කිරණ අවශෝෂණයෙහි නියුතු දුම වලා කොටස් වල උෂ්ණත්වය මැන ගැනීමට හැකි වී ඇත.මෙම දූම වලා  කෙල්වින් මිලියන 1 සහ 2.5ත් අතර උෂ්ණත්වයකින් යුතුය.
මෙම දූම වලාවෙහි ස්කන්ධය විශාල වුවද එහි ඝණත්වය ඉතා කුඩා හෙයින් අණාවරණය ඉතාමත්ම අපහසුය.නමුත් මෙය සොයගැනිමට හැකි වුවහොත් දශකයක් පුරාවටම තාරකා විද්‍යඥයින් අපහසුවට ලක් කරන කරුණක් වූ මන්දාකිණියේ සොයාගැනීමට නොහැකි වූ බැරියෝන වල ආගියව අපට සොයාගැනීමට හැකි වනු ඇත.
බැරියෝන අදුරු පදාර්ථ සමඟ අසම්බන්ධ අතර මේවා ගේ නැතිවීම පිළිබඳව ප්‍රශ්නය විද්ඥාඥයන්ට ඇති වූයේ, අවුරුදු බිලියන 10 කට පමණ පෙර විශ්වයේ තිබුණු අයන සහ පරමාණු ගණන මැනීමට යාමේදීය.නමුත් වර්තමානයේ ඇත්තේ එකල තිබු අංශු වලින් අඩක් පමණ ය, එසේ නම් අනෙක් ඒවාට කුමක් සිදුවූයේද යන ප්‍රශ්නය මෙම බැරියෝන පිලිබඳ ප්‍රශ්නයට තුඩු දුන්නේය.
නූතන පරික්ෂන වලින් හෙලි වී ඇති ආකාරයට මෙම නැති වූ අංශු මන්දාකිණි සහ තාරකා මණ්ඩල එකට යා කරන විශාල වලා, දුලි අංශු සහ වායුන් තුල පිහිටා ඇත.චන්ද්‍රා නීරික්ෂනාගාරයේ සොයාගැනීම්ද, මෙම කරුණ සනාථ කරන අතර අනෙක් මන්දාකිණි වලද තත්වය මෙසේ විය හැකි බවට අපට සාක්ෂාත් කරයි.පෙර කාලීනව කරන ලද පරීක්ෂන වලින්ද මෙසේ දුලි වලාවක් ඇති බව තහවුරු වූවද මේසා විශාල උණුසුම් දුලි වලාවක් සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.
Universetoday ඇසුරිනි

No comments

Powered by Blogger.