අප නොදන්නා බලයක් අඳුරු පදාර්ථ මත ක්‍රියාකරනවාද?





අන්තර්ජාතික තාරකාවිද්‍යාඥයින් කණ්ඩායමක් විසින් අඳුරු පදාර්ථ සහ මණ්දාකිණිවල ඇති දෘෂ්‍ය තරු සහ වායු අතර කිසිසේත්ම නොසිතන ආකාරයේ සොයාගැනීමක් කර ඇත. මෙම සොයාගැනීම ගුරුත්වය පිළිබඳව අප සතු දැනීම සදහටම වෙනස්කරනු ඇත.


සෙන්ට් ඇන්ඩෘස් සරසවියේ ගුරුත්වය පිළිබඳ මධ්‍යස්ථානයේ ආචාර්ය හොංෂෙං සාඕ පවසන්නේ අඳුරුපදාර්ථ මත අප නොදන්නා බලයක් ක්‍රියාත්මක වන බවයි. මෙම සොයාගැනීම මෙවර නේචර් සඟරාවේ පළ
විය. විශ්ව‍ය තුල අප දන්නා මාධ්‍යයන් ඇත්තේ 4%ක් පමණි. මණ්දාකිණි තුල ඇත් තරු සහ වායුව කෙතරම් වේගයෙන් චලනය වනවාදැයි කිවහොත් විද්‍යාඥයින් පවසන්නේ මෙම මණ්දාකිණි නොබිඳී පවත්වාගැනීමට අඳුරු පදාර්ථ වලින් සැදුම්ලත් රැස් වළල්ලක් මණ්දාකිණිය වටා පිහිටා ඇත.

සාමාන්‍ය විශ්වාස වන්නේ අඳුරු පදාර්ථ සහ සමාන්‍ය පදාර්ථ අතර සම්බන්ධය අප සිතා සිටියාට වඩා වැදගත් සහ සංකීර්ණ බවයි. ඒ අනුව අඳුරු පදාර්ථ පැවතිය නොහැකි බවත් මණ්දාකිණි තුල ඇති තරු චලනය වන්නේ ගුරුත්වය නිසා බවත් ඔවුන් තවදුරටත් පවසයි.

බොන් සහ ස්ටාර්ස්බරෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය බෙනොයි ෆමේ පවසන්නේ සමාන්‍ය පදාර්ථ විසිරී ඇති ආකාරය පිළිබඳව අඳුරු පදාර්ථ වලට අවබෝධයක් ඇති අතර ඒවා විසිරී ඇත්තේ අඳුරු රැස් වළල්ලෙහි ගුරුත්වය එකලෙසම පවතින ආකාරයට ය. මෙය ඉතාමත්ම පුදුම සහගත කරුණක් වන්නේ සාමාන්‍යයෙන් පිළිගැනෙන ආකාරයට මණ්දාකිණියක් තුල ඇති සාමාන්‍ය පදාර්ථ සහ අඳුරු පදාර්ථ ප්‍රමාණය තීරණය වන්නේ මණ්දාකිණියේ වයස අනුව නිසාවෙනි.

ඔවුන් විසින් කරන ලද පර්යේෂණ වල ප්‍රථිපල ඉතාමත්ම පුදුම සහගත ය. පර්යේෂන ප්‍රථිපල වලට අනුව ගුරුත්වය නොවන වෙනත් පස්වන බලයක් විසින් අඳුරු පදාර්ථ එකට බැඳ තබාගනී. මෙම බලයට මණ්දාකිණිවල ප්‍රමාණයේ හෝ වයසේ භේදයක් නැත.

මෙම සොයාගැනීමෙන් තවත් විශාල ගැටලුවක් නිරාකරණය කල හැකිය. එනම් විශ්වයේ ප්‍රසාරණයට මුල් වී ඇති අඳුරු ශක්තිය (dark energy) යි. නමුත් සිදුවිය යුත්තේ 1687දී අයිසෙක් නිව්ටන් විසින් ඉදිරිපත් කල ගුරුත්වය පිළිබඳ නියමයන් සහ 1916දී ඇල්බට් අයින්ස්ටයින් විසින් කරන ලද නියමයන් වල අලුත් කිරීමකි.
Written by Anuradha Jayathilaka 
University of St. Andrews වෙබ් අඩවිය ඇසුරිණි

No comments

Powered by Blogger.