ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියේ න්‍යෂ්ටි යුගල හබල් දුටු ආකාරය
ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණියේ න්‍යෂ්ටි යුගල ඡායාරූපගත කිරීමට හබල් දුරේක්ෂය සමත් වී ඇත. M31 හෙවත් ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණිය සතුව න්‍යෂ්ටින් එකක් නොව දෙකක් ඇති බව සොයාගැනූනේ 1992දී හබල් දුරේක්ෂය විසින්ම ය.
මණ්දාකිණිය මධ්‍යයේ ඇති මහළු රතු තරු ඉලිප්සාකාර ලෙස මධ්‍යයේ ඇති කළු කුහරය වටා භ්‍රමණය වන විට පෙනෙන්නේ න්‍යෂ්ටින් දෙකක් ලෙස ය. කළු කුහරයට තවත් සමීප වන්නට නිල් තරු දැකිය හැකි නමුත් මේවා කළු කුහරය ආසන්නයේම යම්කිසි අක්‍රමවත් හේතුවක් නිසා ඇති වන්නට ඇත. නිල් පැහැති තරු සාමාන්‍යයෙන් මෙම ප්‍රදේශයේ බිහි නොවන ඒවා ය. විද්‍යාඥයින් මේ වන විට සොයායමින් සිටින්නේ මෙම නිල් තරු ඇතිවීමට සැබෑ හේතුව ය. ඇතැම් විට මෙලෙස මණ්දාකිණියක මධ්‍යය ප්‍රදේශයේ නිල් තරු ඇතිවීම සර්පිලාකාර මණාදාකිණි වලට ආවේනික ලක්ෂනයක් විය හැකි බවද පර්යේෂකයින් පෙන්වා දෙයි.
ඡයාරූපය - සූර්ය ස්කන්ධ මිලියන 100ක් වන කළුකුහරයක් සහිත ඇන්ඩ්‍රොමිඩා මණ්දාකිණිය සහ එහි න්‍යෂ්ටීන් යුගල. Credit: NASA, ESA, and T. Lauer (National Optical Astronomy Observatory)
Written by Anuradha Jayathilaka
Leave a Comment