ක්ෂිරපථය තුල තරු බිහිවන්නේ කොපමණ වේගයකින්ද?
අප ක්ෂිරපථය තුල තාරකා උපත ලබන තිඹිරි ගෙවල් බොහෝ ප්‍රමාණයක් ඇත. මෙම ප්‍රදේශවල වරකට තරු කිහිපයක සිට සියගණනක් වුවද නිර්මාණය විය හැකිය. එහෙත් මෙය සිදුවන්නේ කෙසේද?
සාමාන්‍යයෙන් සෑම වසරකට වරක්ම නව තරුවක් අප ක්ෂිපරථයේ කොහේ හෝ තැනක බිහි වේ. නමුත් තාරකා බහුල තරු පොකුරු තුල නව තාරකා බිහි නොවේ.
මෑතකදී තාරකාවිද්‍යඥයින් RCW 38 නැමැති, තාරකා බිහිවන ස්ථානය අධෝරක්ත කිරණ ඇසුරින් නිරීක්ෂණය කලෝ ය. මෙහිදී ජීවිතයේ විවිධ අවස්ථාවල සිටින තරු සියගණනක් ඔවුන් දුටුවෝ ය. ඔරායන් නිහාරිකාවට පසුව විශාල තරු පොකුරක් නිරීක්ෂණය කල පුථම වතාව මෙයයි.
RCW 38 පිහිටා ඇත්තේ ආ.ව. 6000ක් පමණ දුරිනි. එය ආසන්නයේ තරු 100ක් පමණ ඇති විශාල තරු පොකුරු දෙකක් සහ ඔරායන් නිහාරිකාව පිහිටා ඇත.
අධෝරක්ත කිරණ පරාසයන් තුනක් ඔස්සේ තරු 317ක් මෙම නිරීක්ෂණය භාජනය විය. ඒවායි සියයට 30ක් පමණ රතු පැහැති වූ අතර බෝහෝ ඒවාට පූර්වග්‍රහලෝකමට තැටිති (protoplanetary disks) තිබිණි. මෙම සියලු කරුණු වලින් අවබෝධ වූයේ මෙම තරු පොකුර සක්‍රීය තරු පොකුරක් බවයි.
මෙම මූලික නිරීක්ෂන ඉදිරියේදී තවත් ගැඹුරු නිරීක්ෂණ සඳහා භාවිතා කිරීමට පර්යේෂක කණ්ඩායටම සූදානම් ය. එ පමණක්ද නොව මෙම කරුණු අප සෞරග්‍රහමණ්ඩලයේ ඉතිහාසය පිළිබඳව සෙවීමටද උදව් විය හැකිය. මෙවන් එක් මතයක් වන්නේ අප සූර්යයා තරුපොකුරක උපත ලබා පසුව ඉන් වෙන්වී ගිය බවය. තවද අප සූර්යයා ආසන්නයේ ස්කන්ධයේ අධික තරුවක් සුපර්නෝවාවක් ලෙස පිපිරී ගියේනම් අප සෞරග්‍රහමණ්ඩලයේ විකිරණශීලී මූලද්‍රව්‍ය හිඟතාවයට හේතුවද ඉන් හෙලිවිය හැකිය.

universe today ඇසුරිණිWritten by Anuradha Jayathilaka
Leave a Comment