ඈතින්ම ඇති වාමන මණ්දාකිණිය සොයාගැනේ
මණ්දාකිණි වටා කක්ෂවල ගමන්කරන වාමන මණ්දාකිණි සොයන තාරකාවිද්‍යාඥයින්ට එවන් වාමන මණ්දාකිණියක් සොයාගැනීමට හැකිවී ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක් සොයාගත් දුරින්ම පිහිටි වාමන මණ්දාකිණිය මෙය වීමයි.
කෙක් 2 දුරේක්ෂය භාවිතා කර සිදු කල නිරීක්ෂණයේදී මෙය ඉලිප්සාකාර මන්දාකිණියක උප මණ්දාකිණියක් ලෙස හදුනාගැනීමට හැකිවී ඇත.
අප මණ්දාකිණිය වැනි තවත් මණ්දාකිණි බිහි වන්නට ඇත්තේ මීට වසර බිලියන ගණනකය පෙර ය. මෙහිදී ප්‍රධාන මණ්දාකිණි වලට අමතරව මෙවැනි මඟහැරුණු කුඩා වාමන මණ්දාකිණි ඇති තරම් තිබෙන්නට පුළුවන. එහෙත් මේවායින් දැනට සොයාගෙන ඇත්තේ ඉතා ස්වල්ප ප්‍රමාණයකි. ඊට හේතුව ලෙස තාරකාවිද්‍යාඥයින් දක්වන්නේ වාමන මණ්දාකිණිවල තරු අඩු වීම හෝ බොහෝ විට ඒවා තනිකරම අඳුරු පදාර්තයෙන් සැදුම් ලත් වීම විය හැකි බව යි.
විශ්වයේ පෙනෙන ප්‍රමාණයට වඩා ස්කන්ධයක් ඇති අතර එයට හේතුව අඳුරු පදාර්ත විශ්වය පුරා තිබීම බව තාරකාවිද්‍යාඥයින් දක්වයි.
ඡායාරූපය - පෙරබිමේ ඇති මණ්දාකිණියේ අධික ගුරුත්වාකර්ෂණය නිසා පසුබිමේ ඇති මණ්දාකිණිය මුදුවක් ලෙස දිස්වන ආකාරය. මෙම අවස්ථාව අයින්ස්ටයින් මුදුව (Einstein ring) ලෙස හැඳින්වේ. (Credit: D. Lagattuta / W. M. Keck Observatory)
Written by Anuradha Jayathilaka
කෙක් දුරේක්ෂයේ වෙබ් අඩවිය ඇසුරිණි.
Leave a Comment