ගැමා කිරණ පිපිරීම් සිදුවන්නේ කලු කුහර නිසා ද





ගැමා කිරණ පිපිරුමක් යනු අධිශක්ති කිරණ විහිදෙන පිපිරීමක් වන අතර මෙය න්‍යෂ්ටික පිපිරුමකට සමාන කල හැකි වුවත් ඊට වඩා දහස්ගුණයකින් ප්‍රබල ය. අධිස්කන්ධ තරුවක අවසානයේදී ගැමා කිරණ පිපිරුමක් සිදුවිය හැකි අතර එහිදී අධි ශක්ති ප්ලාස්මා ජෙට් පිටවේ.


මෙම සිදුවීමට හේතුව ලෙස විශ්වාස කරන්නේ කලු කුහරයක මධ්‍යයේ පදාර්ථ තැටියක ඇති ප්ලාස්මා, නියු‍ට්‍රිනෝ නිසා රත් වීමෙන් ඇති වන ප්ලාස්මා ජෙට් ය.
ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ ගණිතඥයින් විසින් කරන ලද පරීක්ෂණයකින් හෙලි වන්නේ නවතම න්‍යායකි. ඔවුන් පවසන අන්දමට මෙම ජෙට් ඇතිවන්නේ සෘජුවම කලුකුහරය තුලිනි. ඔවුන්ගේ මෙම නව කල්පිතය ගොඩනගා ඇත්තේ ස්විෆ්ට් දුරේක්ෂය විසින් කරන ලද නවතම සොයාගැනීම් අනුව ය. ඒ අනුව මෙම ජෙට් තප්පර 10,00ක් පමණ වේලාවක් එනම් නියුට්‍රිනෝ කල්පිතයේ කියවෙනවටෙ වඩා වැඩි වේලාවක් ක්‍රියාත්මක වේ. මෙම කල්පිතයට අනුව එහිදී පුපුරා යන තරුව ඉතා වේගයෙන් භ්‍රමණය විය යුතුය. මෙහිදී තවත් ආකාරයක් වන්නේ ද්විත්ව තරු පද්ධතියකදී එක් තරුවක් කලුකුහරයක්ව පවතින අවස්ථාවකි. කලුකුහරය විසින් තරුව ගිලගනිමින් සිටින විට මෙම ගැමාකිරණ පිටවන බව මෙහිදී කියැවෙයි. තවද නියුට්‍රිනෝ ආකෘතියට විසඳීමට නොහැකි වූ දීර්ඝ ගැමාකිරණ පිපිරුම් මෙම නව චුම්බක ආකෘතියට විසඳිය හැකි බව ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය කොමිසරොව් ප්‍රකාශ කරයි.
Written by Anuradha Jayathilaka
ලීඩ්ස් විශ්වවිද්‍යාලයේ වෙබ් අඩවිය ඇසුරිණි.

No comments

Powered by Blogger.