මණ්දාකිණි රවුම් ඇයි?
ඕනෑම විශාල සර්පිලාකර මණ්දාකිණියක් ගත් කල බාහිරින් බැලූ කල ඒවා රවුම්ව පෙනේ. නමුත් අළුත බිහිවන තරු සහිත මණ්දාකිණි වල තරුඑකිනෙකට ලංව පොකුරු ලෙස පිහිටයි.
මේ අනුව මන්දාකිණියක වයස සමග එය රවුම් වීමට හේතුව කුමක්ද? නාසාහි ස්පිට්සර් දුරේක්ෂයේ ආධාරයෙන් අන්තර්ජාතික තාරකාවිද්‍යාඥයින් කණ්ඩායමක් මෙම වැදගත් ප්‍රශ්ණයට පිලිතුරු සොයාගෙන ඇත.
මණ්දාකිණියක වයස වසර මිලියන දෙතුන්සියයක් පමණ ගතවන විට තරු බිහිවන තරු පොකුරු එකිනෙක නොපෙනී යයි. මෙයට හේතු කීපයක් ඇත. එකක් නම් තරු පොකුරේ චලනයන් නිසා තරු එකිනෙක වෙන්ව යාමයි.
පර්යේෂණ කණ්ඩායමේ නව සොයාගැනීම නම් තරුණ තරු මණ්දාකිණිය පුරා විහිදී ඇති තරු ගලා යන star streams ලෙස හදුන්වන ඒවාය. මේ අනුව තරුණ තරු සහිත තරු පොකුරු වලින් තරු වෙන් කිරීමට හේතුවන්නේ මව් මණ්දාකිණියමය.
Written by Anuradha Jayathilaka
Leave a Comment