සුපර්නෝවා විශේෂයක්


Core-collapse වර්ගයේ සුපර්නෝවා විශ්වයේ බහුලවම දක්නට ඇති සුපර්නෝවා වර්ගය වේ. මෙවන් සුපර්නෝවා නිර්මාණය වන්නේ සූර්ය ස්කන්ධ 8ට වඩා විශාල තරු පුපුරා යාමෙනි. මෙවන් අවස්ථාවක දී නිපදවෙන ශක්තිය අප සූර්යයාගේ ආයුකාලය තුල නිපදවන ශක්තියටත් වඩා වැඩි ය.

කෙසේවෙතත් සමහර සුපර්නෝවා පිපිරුම් සාමාන්‍ය ඒවාට වඩා 100ගුණයක් පමණ ශක්තියෙන් සහ දීප්තියෙන් අඩු ය. මෙවන් සුපර්නෝවා වල හයිඩ්‍රජන් වායුව දක්නට ලැබෙනමුත් SN 2008ha සුපර්නෝවාවෙහි හයිඩ්‍රජන් දක්නට නැත. මෙම සොයාගැනීම සිදුකලේ එක්සත් රාජධානියේ බෙල්ෆාස්ට් හි ක්වීන්ස් විශ්වවිද්‍යාලයේ සිටින ඉතාලි ජාතික තාරකාවිද්‍යාඥ ස්ටෙෆානෝ වෙලන්ටි ගේ මූලිකත්වයෙන් යුත් ජර්මනියේ සහ ඉතාලියේ විද්‍යාඥයින් පිරිසකගේ එකමුතුවෙනි.

ඡායාරූපයේ දැක්වෙන්නේ SN 2008ha තරුව 2008 දෙසැම්බර් 30 දින නිරීක්ෂනය කල ආකාරයයි. තරුව ඊහිස අසල ඉතාමත්ම මද රතු පැහැයෙන් දර්ශණය වේ. සුපර්නෝවාව ඇත්තේ UGC 12682 නම් වන අක්‍රමවත් මණ්දාකිණිය තුල ය. එය ඡායාරූපය මධ්‍යයේ ඇත.

නිරීක්ෂන අනුව පෙනීගියේ මෙම හයිඩ්‍රජන් හිගය අනුව SN 2008ha සුපර්නෝවාවෙහි සිදුවීම් දෙකක් සිදුවිය හැකි බවයි. එකක් නම් මෙම තරුව පුපුරායාමට පෙර එය ද්විත්ව තරුපද්ධතියක විශාල ස්කන්ධයෙන් යුත් තරුව විය යුතුය. අනෙත් සහයක තරුව සමග සිටීමෙදී ප්‍රධාන තරුවේ පිටත ලේයර අහිමි වන්නට ඇත. අනෙක නම් තරුවේ පිටත ලේයර තරුවේම සුළං නිසා (stellar winds) ගැලවී ගොස් කළුකුහරයක් වන්නට ඇත යන්නයි. මෙම තරුව තව දුරටත් නිරීක්ෂනය කිරීම හරහා විද්‍යඥයින්ට සුපර්නෝවා සහ ගැමාකිරණ පිපිරුම් අතර ඇති සම්බන්ධය පිළිබදව අදහසක් ගත හැකි ය.

Calar Alto Observatory-CAHA ඇසුරිණි

No comments

Powered by Blogger.