අඳුරු පදාර්ථ සිතියම් ගත කෙරේ


තාරකා විද්‍යාඥයින්, නිරන්තරයෙන් ම නිරීක්ෂණය කරන අඳුරු පදාර්ථයන් විශාල පරිමාණයකට සිතියම් ගත කිරීමට පසුගිය දා සමත්ව විය. මෙම නව සොයා ගැනීම මගින් අනාවරණය වන්නේ විශ්වය, ආලෝක වර්ෂ බිලියනයකටත් වඩා වැඩි වූ අඳුරු පදාර්ථයන්ගෙන් යුත් පැටළුණ අන්තරීක්ෂ ජාලයකින් සහ මන්දාකිණි පාරනයකින් යුක්ත බවය.
කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ආචාර්ය කැතරින් හේමන්ස් (Catherine Heymans ) සහ සහායක මහාචාර්ය ලුඩොවින් වෑන් වෙයබෙක් (Ludovic Van Waerbeke) විසින් මෙම ප්‍රතිඵලය, ජනවාරි 9 වැනි දින ටෙක්සාස් හි පැවති ඇමරිකානු තාරකා විද්‍යා සංගමයේ දී ඉදිරිපත් කර ඇත. මොවුන් දෙදෙනා ප්‍රමුඛ වූ අන්තර්ජාතික පර්යේෂකයන් ගේ කණ්ඩායම මෙම ප්‍රතිඵලය ලබා ගත්තේ අහසේ එකිනෙකට වෙනස් කලාප හතරක් තුල වූ මිලියන 10ක් පමණ මන්දාකිණි වල ඡායාරූප විශ්ලේෂණයෙනි. මන්නාකිණි වලින් විමෝචනය වන ආලෝකය අධි ස්කන්ධ අදුරු පදාර්ථයන් පසු කර පෘථිවියට පැමිණීමේ දි ආලෝකයේ ඇතිවන නැම්ම පිළිබඳ ඔවුන් අධ්‍යනයන් සිදු කර ඇත.
Canada-France-Hawaii Telescope Lensing Survey (CFHTLenS) මගින් ලබා ගත් දත්තයන් මෙම විශ්ලේෂණයන් සඳහා යොදාගෙන ඇත අතර මේ සඳහා හවායි පිහිටි මෙගා පික්සෙල් 340 පුළුල් පරාස කැමරාවකින් වසර 5ක් පුරාවට ඡායාරූප ලබාගන්නා ලදී.
ඉහත ඡායා රූපයෙන් නිරීක්ෂණය වන්නේ අඳුරු පදාර්ථයන් යෝධ ගන කැටිති ජාලයකින් (සුදු) සහ හිස් අවකාශයන්ගෙන්(අඳුරු) යුක්තව නිර්මාණය වී ඇති බවයි. මෙහි ඇති විශාලම සුදු පැහැති පෙදෙස් පෘථිවි චන්ද්‍රයාගේ ප්‍රමාණයේ පමණ වේ.
මෙම සමීක්ෂණයන් සඳහා යොදා ගත් මන්දාකිණි සැබැවින්ම ආලෝක වර්ෂ බිලියන 6කට එපිටින් පිහිටා ඇත. එනම් මෙම ඡායාරූප වලට හසු වී ඇති ආලෝකය මීට වසර බිලියන 6කට පෙර නිකුත් වූ ඒවා වේ. අඳුරු පදාර්ථ අන්තරීක්ෂ ජාලයෙහි සියළුම දිශා වලින් දර්ශනය වන විශාල පරිමාණයකට ලබා ගන්නා පළමු ඡායා මාත්‍රය මෙය වේ.
Written by Sashika Thilakawardena 

No comments

Powered by Blogger.