ග්‍රහලෝක හදුනාගැනීම.



රෑ අහසේ පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි තවත් අපූරු වස්තු විශේෂයක් වන්නේ ග්‍රහලෝක් ය. ප්‍රමාණය සහ දීප්තිය අතින් සාමාන්‍ය තාරකාවන් ලෙස ම දිස්වුව ද ග්‍රහලෝක සහ තාරකා ඉතා පහසුවෙන් එකිනෙකින් වෙන්කොට හඳුනාගත හැක.රාත්‍රී අහස දෙස නෙත් යොමා සිටින විට නොයෙක් පැහැයෙන් යුතු තාරකා දිදුලමින් පවතිනවා ඔබ දැක ඇත. ග්‍රහලෝක ද තාරකා සේ ම මෙසේ අනේක විධ පැහැයකින් දිස්වෙයි. එම නිසා ආධුනික ඔබට මේ දෙක අතර වෙනස හඳුනා ගැනීම තරමක් අපහසු වනවා ඇත
තාරකා මෙන් ග්‍රහලෝක අහස පුරා ම දිස්වන්නේ නැත. ග්‍රහලෝක සැම විට ම දිස් වන්නේ රාශි චක්‍රය පසුබිම් කරගෙන ය. රාශි චක්‍රය ලෙස අප හඳුන්වන්නේ සුර්යයාත්, සඳත්, ග්‍රහලෝකත් ගමන් ගන්නා මාර්ගයේ පසුබිමේ ඇති රාශීන් 12යි. ඒවා මේෂ, වෘශබ, මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්බ, මීන ලෙස හැඳින්වේ. මෙම රාශීන් 12 පසුබිමේ හැර ඉන් එපිට කිසිම ග්‍රහලොවක් පිහිටන්නේ නැත. එම නිසා ග්‍රහලෝක නිරීක්ෂණය කිරීමට ඔබ උනන්ඳු වන්නේ නම් පළමුව මෙම රාශීන් 12 හඳුනාගැනීම වැදගත් වේ. එසේ නො වුව ද දීප්තියෙන් වැඩි සිකුරු, බ්‍රහස්පති යන ග්‍රහලෝක ඔබට ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. (රාශියක් යනු තාරකා 2ක් හෝ ඊට වැඩි ගණනකින් සැදුණු මනඃකල්පිත රූපයකි.)
තාරකා ලෙල දෙන ස්වබාවයකින් දිස්වනවා වුවත් ග්‍රහලෝක හඳුනගැනීමේ දී එම ලක්ෂණය මතක තබා ගන්න. දීප්තියෙන් වැඩි ග්‍රහලෝකවල මෙම ලක්ෂණය පහසුවෙන් දැකිය හැකි ය. එහෙත් තරමක් දීප්තියෙන් අඩු සෙනසුරු ග්‍රහයා වුවද මෙම ලක්ෂණය උපයෝගි කරගෙන හඳුනා ගැනීම සිදු කළ හැකි වනු ඇත.

බුධ



සිකුරු ග්‍රහයාට සාපේක්ෂව බුධ ග්‍රහයා හදුනා ගැනීම අපහසුය. එයට ප්‍රධාන හේතු දෙකක් ඇත. එනම් එය සිකුරු තරම් දීප්තිමත් නොවීම හා ක්ෂිතජයේ සිට එතරම් ඉහලින් දිස් නොවීමයි. බුධ ග්‍රහයා අලුයම් කාලයේ දී නැගෙනහිර ක්ෂිත්ජයෙන් දිස්වන අතර සවස් කාලයේ දී දිස්වනුයේ බටහිර ක්ෂිතිජය දෙසින්ය.

එසේම මෙම ග්‍රහයා හිරු බැස ගොස් පැයක් හෝ පැය බාගයක් ඇතුලත දී නොපෙනී යන බැවින් නිරීක්ශනය කිරීම ඉතාම අපහසුය. එහෙත් සිකුරු ග්‍රහයා හිරු බැස ගිය පසු පැයක් හෝ දෙකක් පමන බටහිර අහසේ දැකිය හැකිය.


සිකුරු

සිකුරු ග්‍රහයා වසරේ එක් කාලයකදී අලුයම් කාලයේද, තවත් කාලයකට සවස් කාලයේද දැකිය හැකි ග්‍රහලොවකි. අලුයම් කාලයේ දී සිකුරු දැකිය හැක්කේ නැගෙනහිර අහසෙහි වන අතර සවස් කාලයේ දී එය බටහිර අහසෙහි දිස්වනු ඇත. එකම දිනයක දී අලුයම් කාලයේ හා සැදෑ කාලයේ එක විට සිකුරු දර්ශනය නොවේ. එසේම සඳ හැරුනු විට රෑ අහසේ දැකිය හැකි දීප්තිමත්ම ආකාශ වස්තුව සිකුරු බැවින් ඔබට එය වැඩි අපහසුතාවකින් තොරව හදුනාගත හැකිය. එය සුදට හුරු නිල් පැහැයකින් දිස්වේ. එසේම සිකුරු ග්‍රහයා නැගෙනහිර හෝ බටහිර ක්ෂිතජයන්ගෙන් අංශක 48කට වඩා ඉහලින් කිසිම විටෙක නොපිහිටයි. එම නිසා සිකුරු ග්‍රහයා නිරීක්ශනය කිරීමේ දී මෙය ඔබගේ හිස මුදුනෙන් දිස් නොවන අතර මධ්‍යම රාත්‍රීයේ දී ද මෙය අහසේ දැකිය හැකි නොවේ සිකුරු අලුයම් කාලයේ දී දිස්වන විට පහන් තරුව හෝ උදා තරුව ලෙස ද සවස් කාලයේ දී දිස්වන විට ඉරබටු තරුව ලෙස ද හදුන්වයි.

අගහරු

රාත්‍රී අහසේ අගහරු ග්‍රහයා දිස්වන්නේ රතු පැහයෙනි. ( ගඩොල් පැහැති රතු පැහැයෙන්) අතීතයේ සිටි මිනිසුන් මෙය යුද්ධයට අධිපති දෙවියන් ලෙස හදුන්වන ලදි. එසේම මෙය දීප්තිමත් ග්‍රහලොවක් බැවින් අපට පහසුවෙන්ම හදුනාගත හැකිය. වෘශ්චික රාශියේ ගොනුස්සාගේ හදවත නිරූපනය කරන රතු යෝධ තරුවක් වන ඇන්ටාරස් තරුව ඔබට මතකතda? එම තරුවේ වර්නයට යම් සමාන වර්නයකින් අගහරු ග්‍රහයා දිස් වේ. අගහරු ග්‍රහයා සෑම වසර 2ක් සහ මාස 2කට වතාවක් පෘථිවියට සමීප වේ.
එමනිසා සෑම වසර දෙකකට වතාවක්ම අගහරුගේ දීප්තිය හා දෘශ්‍ය විශාලත්වය වැඩි වේ. ඉහත කරුනු අධාරයෙන් අගහරු ග්‍රහයා ඔබට පහසුවෙන් හදුනාගත හැකිය.

බ්‍රහස්පති


රෑ අහසේ දැකිය හැකි දීප්තිමත් ආකාශ වස්තූන් අතරින් එක් ප්‍රධාන වස්තුවකි බ්‍රහස්පති. මෙය රෑ අහසේ සිකුරු හා චන්ද්‍රයා හැරුනු කල දැකිය හැකි දීප්තිමත්ම ආකාශ වස්තුවයි. මෙම ග්‍රහයාගේ සාමාන්ය දීප්තිය -2.0ත් -2.5ත් අතර අගයක් ගනී. පූර්න චන්ද්‍රයාගේ දීප්තිය -12.5ක් පමන අගයක් ගන්නාවිට බ්‍රහස්පති -2.5ක් පමන වීමෙන් එය දීප්තිමත් වස්තුවක් බව ඔබට හැගෙනු ඇත. ( යම් කිසි වස්තුවක දීප්තිය වැඩි වන අතර ධන අගය කරා ලගා වන විට එම වස්තුවේ දීප්තිය අඩු වේ. ) බ්‍රහස්පති ග්‍රහයා සුදු පැහැයට හුරු කහ පැහැයකින් විශාලව දැකිය හැකිය. එමනිසා බ්‍රහස්පති ග්‍රහයා පහසුවෙන් හදුනාගත හැකිය. එසේම මෙම ග්‍රහලොව අනෙක් තාරකාවන්ට වඩා විශාලව අහසේ දිස්වේ. යම් හෙයකින් දෙනෙතියක් හෝ දුරදක්නයක් ඔබ සතු නම් එය මගින් බ්‍රහස්පති නිරීක්ෂනය කලහොත් බ්‍රහස්පති සතුව පවතින උපග්‍රහයින් පහසුවෙන් හදුනාගත හැකිවනු ඇත.

සෙනසුරු 



රෑ අහසේ අපට පියවි ඇසින් දැකිය හැකි අවසාන ග්‍රහයා සෙනසුරුය. මෙය සිකුරු සහ බ්‍රහස්පති තරම් දීප්තියක් නොපෙන්වයි. එහෙත් ඉතා ඕනාකමින් අහස නිරීක්ශනය කරන්නෙකු හට මෙය අදුරු තාරකාවක් ලෙසින් හදුනාගට හැකිය. මෙය කහ පැහැයකට හුරු අදුරු පැහැයකින් දිස් වේ. යම්කිසි රාශියක් පසු බිමෙන් සෙනසුරු පෙනේද එම රාශියේ ඉතා විශාල කාල සීමාවක් සෙනසුරු රැදී සිටියි. එයට හේතුව මෙම ග්‍රලොව හිරුගේ සිට විශාල දුරකින් පිහිටා තිබීමයි. හිරු වටා වටයක් යෑමට විශාල කාලයක් ගන්නා බැවින් එක් රාශියක සිට අනෙක් රාශිය පසුබිම් කොට පෙනීම සදහා විශාල කාලයක් ගන්නා බවක් අපට දිස් වේ.
ඔබ සතුව දුරේක්ෂයක් තිබේ නම් විශාලන බලය 35 X පමන බලයක් යොදා සෙනසුරු නිරීක්ශනය කලහොත් සෙනසුරුගේ වලලු නිරීක්ශනය කල හැකි වනු ඇත

No comments

Powered by Blogger.