අඳුරු ශක්තිය ගැන අලුත් නිගමයකට
නාසා ආයතනයේ හබල් දුරේක්ෂය භාවිතා කරන විද්‍යාඥයින් විසින් අඳුරු ශක්තිය පිළිබඳව අළුත් නිගමනයකට එළඹ ඇත.
අප විශ්වය එකම වැඩි වන ප්‍රවේගයකින් ප්‍රසාරණය වන අතර මීට හේතුව ලෙස සලකන්නේ විශ්වය අදුරු ශක්තියකින් පිරී ඇති බව සහ එය ගුරුත්වයට විරුධව ක්‍රියා කරන බවයි. මේ සදහා ඉදිරිපත් කරන එක් මතයක් වන්නේ ආ.ව. බිලියන 8ක් විශාල හිස් ඉඩක් අප මණ්දාකිණිය හා ආසන්න ඉඩෙහි අප වටා පවතින බවයි. මේ අනුව අප මෙහි මධ්‍යයේ ජීවත් වන්නේ නම් මණ්දාකිණි එකිනෙක ඈත්ව යන බව තවත් ඇස්බැන්දුමක් පමණක් වනු ඇත.
නමුත් මෙම මතය වැරදි බව විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. විද්‍යාඥ කණ්ඩායම විසින් හබල් නියතයෙහි නිරවද්‍යතාවය ඉහල නැංවීමෙන් මෙම අඳුරු ශක්තියෙහි හැසිරීම පිළිබඳව නිරීක්ෂණය කල ඇත.
මෙහි මුල් අවස්ථාව වූයේ පෘථිවියට ආසන්න හා දුර ඇති මණ්දාකිණි වලට ඇති දුර මැණීම ය. වඩාත් දුර ඇති වස්තු සඳහා Type 1a සුපර්නෝවා යොදාගැනුනි. හබල්දුරේක්ෂයේ Wide Field Camera 3 (WFC3) උපකරණය මේ සඳහා යොදැගැනුනු අතර අවසන් අගයන් මගින් අඳුරු ශක්තිය පිළිබඳව නිගමනයන් වලට එළඹීමට හැකි විය.
මුල් ලිපිය - http://hubblesite.org/newscenter/archive/releases/2011/08/text/
නාසා ඇසුරිණි

Leave a Comment