විශ්වය ආරම්භයේදී ද්‍රවයක් ලෙස පැවතිනි




CERN ආයතනයේ ALICE උපකරණය භාවිතා කරන පර්යේෂක කණ්ඩායමක් පෙන්වා දෙන්නේ විශ්වයේ මුල් අවධියේදී එය ඝනත්වයෙන් සහ උෂ්ණත්වයෙන් ඉතා වැඩි ද්‍රවයක් ලෙස පැවතුන බවයි.

හැකි උපරිම ශක්තියෙන් ඊයම් න්‍යෂ්ටි ත්වරණයට ලක්කර එකිනෙක ගැටීමට සැලැස්වීමෙන් ALICE උපකරණය තුල දැඩි උෂ්නත්වයෙන් සහ ඝනත්වයෙන් යුත් උප-පරමාණුක අංශු සෑදීමට හැකි විය. මෙම අවස්ථාව විශ්වය බිහිවීමෙන් පසුව ප්‍රථම මයික්‍රෝ තප්පර කිහිපයට සමාන ය. මෙම පුංචි "මහා පිපිරුම" සිදුවීමේදී අංශක ට්‍රිලියන 10කට අධික උෂ්නත්වයක් ජනනය වූ බවද විද්‍යාඥයින් පවස යි.

මෙවන් උෂ්නත්වයකදී සමාන්‍ය පදාර්ථ නම් උණු වී "සූපයක්" (soup) නිර්මාණය වේ. මෙය ක්වාක් ග්ලූවෝන් ප්ලාස්මා (quark-gluon plasma) නම් වේ. මීට පෙර ඇමරිකාවේදී මීට අඩු ශක්ති යටතේ කල පර්යේෂණ වලදී පෙන්වා දුන්නේ මෙවන් අවස්ථාවලදී නිර්මාණය වන අංශු ද්‍රව ලෙස ක්‍රියා කරන බවයි. නමුත්  බොහෝ දෙනා අපේක්ෂා කලේ ක්වාක් ග්ලූවෝන් ප්ලාස්මාව වායුවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි කියා ය.

මේ අනුව බලන කල මහා පිපිරුමෙන් පසුව විශ්වය ද්‍රවයක් ලෙස පැවතුන බව පැහැදිලි ය. මේ අතර විද්‍යාඥයින් නිරීක්ෂණය කල අනෙක් දේ නම් ‍මීට පෙර ‍භෞතිකවිද්‍යා ආකෘති වල පෙන්වා දුන්නාට වඩා වැඩි උපපමාණුක අංශු ප්‍රමාණයක් නිෂ්පාදනය වීම යි.

ඡායාරූපය - ALICE උපකරණය තුල ඊයම් පරමාණු ඝට්ටනයක්
Written by Anuradha Jayathilaka   
University of Birmingham ඇසුරිණි

No comments

Powered by Blogger.