හිරු ලපයක උපත


සූර්යයා මත ඇති වන චුම්බක ක්ෂේත්‍රයේ වෙනස්කම් නිසා හිරු ලප ඇතිවේ. විද්‍යාඥයින් විසින් මෙවන් හිරු ලපයක් ඇති වන ආකාරය පැය 8ක නිරීක්ෂණ‍යකින් ඡායාරූපගත කොට ඇත.

නාසා ආයතනයේ SDO යානය මේ සඳහා යොදාගැනුනි. සූර්ය ලපයේ මුල් අවධිය වූයේ හිරු මත දර්ශණය වූ ධන සහ සෘන චුම්බක ක්ෂේත්‍ර දෙකකි. මේවා අතර පරතරය කි.මී. 7000ක් පමණ විය. පැය 6කට පමණ පසු කි.මී. 20000ක් පමණ ප්‍රදේශයක් පුරා චුම්බක ක්ෂේත්‍රය විශාල වූ අතර මුල් හිරු ලප සෘන චුම්බක ක්ෂේත්‍රය අසලින් දක්නට ලැබුනි.

සූර්යයාගේ පිටතට පෙනෙන වායුගෝලය ෆොටෝස්පියරය ලෙස හැඳින්වෙන අතර ඊට පහලින් ඇති සංවහන කලාපයක් හරහා මතුපිටට එන උණුසුම් වායුව සිසිල් වීහ ෆොටෝස්පියරයේදී සිදු වේ. මෙලෙස සිසිල් වෙමින් පවතින කලාපයන් අනෙක්වාට වඩා උෂ්නත්වයෙන් අඩු නිසා අඳුරු පැහැයකින් දර්ශණය වේ.

sciencedaily ඇසුරිණි

No comments

Powered by Blogger.