අළුත් සුපර්නෝවා විශේෂයක්



SN 2002bj ලෙස හඳුන්වන මෙම සුර්නෝවාව මේතාක් හමුවූ වේගයෙන්ම වෙනස් වන සුපර්නෝවාව බව පර්යේෂණ කණ්ඩායමේ නායක කැලිෆෝනියාවේ බර්ක්ලි සරසවියේ ඩෝවි පනාන්ස්කි පවසයි. එය සාමාන්‍ය සුපර්නෝවාවකට වඩා හතරපස් ගුණයක් වේගයෙන් ක්‍රියාකරයි. පිපිරීම සිදුවී දින 20ක් පමණ ඇතුලත එහි දීප්තතාවය ඉතා වේගයෙන් අඩුවී ඇති අතර සුපර්නෝවාව තුල හීලියම් ඉතා විශාල ලෙස දක්නට ඇත. හයිඩ්‍රජන් දක්නට නොමැත. තවද ඒ තුල වැනේඩියම් වැනි මීට පෙර සුපර්නෝවා තුල හමු නොවුනු මූලද්‍රව්‍ය දක්නට ඇත.

තවදුරටත් කරන ලද පර්යේෂණ වලින් ඔප්පු වී ඇත්තේ මෙම සුපර්නෝවාව සමාන්‍ය සුදු වාමන තරුවක් පිපිරී ‍යාමෙන් ඇති වන සුපර්නෝවාවකට (la) වඩා වෙනස් බවයි. ඊට හේතුව වන්නේ සුදුවාමන තරුවක් පුපුරා යන විට හීලියම් කවරය ඉතිරිවන නිසාය. නෝවා පිපිරුමකදී පදාර්ථ - ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් - තරුව තුලට වැටී කවරයක් නිර්මාණය කරන අතර එය පසුව න්‍යෂ්ටික පිපිරුමකට භාජනය වේ. මේ අනුව SN 2002bj යනු සාමාන්‍ය නෝවාවක මෙන් 1000 ගුණයක ශක්තිය නිකුත් කරන සුපර්නෝවාවකි.

ඡායාරූපය - AM-CVn තාරකා පද්ධතියක් තුල හීලියම් එක් තරුවකින් (හීලියම් සුදුවාමන තරුව - දකුණු පස ඉහල) අනෙක් තරුවට හුවමාරු වේ. මෙවිට දෙවන තරුව වටා තැටියක් ලෙස රැස් වන හීලියම් පසුව තරුව දෙසට කඩා වැටේ. තරුව Type .Ia සුපර්නෝවාවක් ලෙස පුපුරා යයි.

බර්ක්ලි සරසවියේ වෙබ් අඩවිය ඇසුරිණි
http://www.berkeley.edu

No comments

Powered by Blogger.