පෘථිවිය නූලෙන් බේරෙයි ?


2014 සැප්තැම්බර් මස 05 13:30:16 | වේරගොඩගේ සජිව විජේවීර
පෘථිවිය දෙසට වේගයෙන් පැමිණෙමින් තිබෙන ග්‍රාහකයක් හිදිසියේ ම සොයාගත හැකි වූ බව නාසා ආයතනය පවසයි. මේ ග්‍රාහකය ලබන ඉරිදා (07) පෘථිවියට වඩාත් ආසන්න වුව ද පෘථිවියේ නොවැදී නවසීලන්තයට ඉහලින් එරට වේලාවෙන් සවස 2.18ට ගමන්කරනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ කියති. එය පෘථිවිය හා චන්ද්‍රයා අතර ඇති දුරෙන් දහයෙන් එකක් හෙවත් කිලෝ මීටර 36,000 ක් පමණ ආසන්නයෙන් ඇදී යනු ඇත. එසේ වුව ද මේ ග්‍රාහකය පෘථිවිය වටා කක්ෂගත කැර ඇති චන්ද්‍රිකාවල වදින්නේ නැතැයි ද පර්යේෂකයෝ කියති.
2014 ආර්.සී. ලෙස නම්කැර ඇති මේ ග්‍රාහකය මීටර 18ක් දිගැතිය. පර්යේෂකයන් පවසන්නේ ග්‍රාහක පිළිබඳ අධ්‍යයනය කිරීමට මෙය මහඟු අවස්ථාවක් වන බවයි. පියවි ඇසින් දැකිය නොහැකි මේ ග්‍රාහකය දුරදක්නවලින් නිරීක්ෂණය කළ හැකිවනු ඇතැයි ද විද්‍යාඥයෝ කියති.
පෘථිවියට මෙතරම් සමීප වෙමින් තිබෙන ග්‍රාහකය සොයාගැනීමට සමත් වූයේ ඇරිසෝනා හි පිහිටුවා ඇති කැටලිනා ගුවන් පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පිරිසකි. මීටර 18ක් වැනි විශාලත්වයෙන් යුතු ග්‍රාහකයක් පෘථිවියට මෙතරම් ආසන්න වනතුරුම හඳුනාගත නොහැකි වීම සම්බන්ධයෙන් විමතිය පළකරන ඇතැම් විද්‍යාඥයන් කියා සිටින්නේ අනාගතයේ දී ද කල් වේලා ඇතිව හඳුනාගත නොහැකි මෙවන් ග්‍රාහක පෘථිවිය දෙසට පැමිණීමේ අවදානමක් පවතින බවයි.
2013 පෙබරවාරි 15 දා පෘථිවියට ග්‍රාහකයක් කඩා වැටණි. එය රුසියාවට ඉහළ අහසේ පුපුරා යාමෙන් 1500ක් තුවාල ලබා ගොඩනැගිලි රැසකට ද හානි සිදුවිය. මේ ග්‍රාහකය පෘථිවි වායුගෝලයට ඇතුළුවනතුරුම කිසිවකුත් ඒ ගැන දැන සිටියේ නැත.
නාසා ආයතනය පවසන්නේ පෘථිවියට බලපෑමක් කිරීමට ඉඩ ඇති ග්‍රාහක දහස් ගණනක් දැනටමත් හඳුනාගෙන ඇති බවයි. එසේ වුව ද ඉන් කිසිදු ග්‍රාහකයක් නුදුරු අනාගතයේ දී පෘථිවිය හා ඝට්ඨනය නොවන බව ද පර්යේෂකයෝ කියති. පෘථිවිය අසළින් ඇදී යන ග්‍රාහකයක ගමන් මග වෙනස් කැර එය සඳ මතට කඩා වැටීමට සළස්වා එහි කොටස් ගෙනවිත් පර්යේෂණ කිරිමේ වැඩපිළිවෙලක් ද නාසා ආයතනය සැලසුම් කැර ඇත. ඒ ව්‍යාපෘතිය 2020 දී ආරම්භ වීමට නියමිතය.


Small Asteroid to Safely Pass Close to Earth Sunday


A small asteroid, designated 2014 RC, will safely pass very close to Earth on Sunday, Sept. 7, 2014.  At the time of closest approach, based on current calculations to be about 2:18 p.m. EDT (11:18 a.m. PDT / 18:18 UTC), the asteroid will be roughly over New Zealand.  From its reflected brightness, astronomers estimate that the asteroid is about 60 feet (20 meters) in size.

No comments

Powered by Blogger.